m%shxld - Ydysoa ux., uqÿ m<¢hs@
මෑතකාලීනව බොහෝ කටකතා ගොඩනැගුණු තවත් රහස් පෙම් යුවලක් ලෙස ශාහිද් කපූර් හා ප්‍රියංකා චොප්රා හඳුන්වාදිය හැකිය. සුපිරි නිළි කරීනා කපූර් සමග පැවති වසර ගණනක පෙම් සබඳතාවය බිඳවැටීමත් සමග ශාහිද්ගේ නම සමග ඔහු හා රංගනයේ යෙදුණු රංගන ශිල්පිණියන් කිහිපදෙනෙකු සමගම ඈඳමින් කටකතා නිර්මාණය විය. ඒ අතරින් ප්‍රියංකා චොප්රා ප්‍රධාන වූ අතර දෙදෙනා අතර පෙම් පුවත බොලිවුඩයේ නොනිල පෙම් පුවතක් බවට ද පත්විය.
නමුත් එම පෙම් සබඳතාවය පිළිබඳව එතරම් යහපත් ආරංචි වාර්තා නොවූ අතර වරක් ප්‍රියංකා හා ශාහිද් වෙන්වන්නට තීරණය කර ඇති බවට ද පුවත් වාර්තා විය. බොහෝ කල්පිතයන්, කටකතා මැද නිර්මාණය වූ ශාහිද් -ප්‍රියංකා පෙම් පුවත පසුව නැවතත් නවතම පුවත් වලින් අලුත් වීම මේ දිනවල ඇරඹී ඇත. වාර්තාවන අලුත්ම ආරංචි මාර්ග වලට අනුව දෙදෙනාගේ ප්‍රේමය වඩාත් ශක්තිමත් කරගැනීමට ශාහිද් හා ප්‍රියංකා තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් 2011 ජනවාරි මස 01 වන දින රහසේම ඉන්දියාවේ ගෝවා නගරයේදී විවාහ ගිවිසගෙන තිබේ.
කාලයක සිටම ප්‍රියංකා සිය පෙම්වතා සමග නව වසර උදාව චන්දිගාඩ්හි සැමරීමට සැලසුම් කර තිබී ඇති අතර අවසානයේදී එහි වෙනසක් සිදුකිරීමට ඇයට සිදුව ඇත. පසුව ඇය නව වසර උදාව සැමරීම සඳහා සිය පවුලේ සාමාජිකයන් හා මිතුරු මිතුරියන් සමග ගෝවා නගරය බලා පිටත්ව ගොස් ඇත. එම අවස්ථාව වනවිට ශාහිද් ඔහුගේ නවතම චිත්‍රපටය වන "මෝසම්" චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් සිය කාලය යොදවා තිබූ බව ද සඳහන්ය
නමුත් අවසානයේ ශාහිද් සිය ආදරවන්තිය සමග ගෝවා නගරය බලා පිටත්ව යාමට තීරණය කර ඇති අතර එහිදී දෙදෙනාගේ ප්‍රේමය නිල වශයෙන් තහවුරු කරමින් මංගල මුදු හුවමාරු කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි. නමුත් සිය විවාහ ගිවිසගැනීම පිළිබඳ පුවත ප්‍රියංකා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ප්‍රියංකා මෙන්ම ශාහිද් සැමවිටම සිය සබඳතාවයේ රහසිගතභාවය ආරක්ෂා කරගැනීමට කටයුතු කළ අතර කිසිදු අවස්ථාවක් දෙදෙනා අතර පෙම් සබඳතාවයක් වන බව ද පිළිගනු ලැබුවේ නැත.




No comments:
Post a Comment